Latestදේශීය

බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

 මාස 03 තුළ ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ,ඊයේ (28) පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායිකරණය කිරීමේ අරමුණින් රාජයේ වාණීජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් බිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුව විසින් නිර්දේශිත ඉන්දියාවේ සමාගම් 03කින් මිල ගණන් කැඳවා ඇත.

අදාළ මිල ගණන් මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සැලකිල්ලට ගනිමින් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් අදාළ බිත්තර තොගය ආනයනය කිරීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *