උප්පැන්න සහතිකය නොමැති පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත් නිතුත් කිරීමට වැඩපිළිවෙළක්
උප්පැන්න සහතිකයක් නොමැති වීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
වයස අවුරුදු 40 සම්පූර්ණ වූ පුද්ගලයින් සඳහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් පත්‍රිකාවක් යවා ඇති බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ති මහතා සඳහන් කරන්නේ.
මෙම උපදෙස් පත්‍රිකාව අනුව යම් ග්‍රාම නිලධාරි කොට්ඨාසයක ස්ථිර පදිංචි සහිත, ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි, වයස අවුරුදු 40 ඉක්ම වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා අයැදුම් කිරීමට හැකියාව පවතිනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

