Latestදේශීය

තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණයෙන් දැනුම්දීමක්

ඉදිරි පැය 36 සඳහා කාලගුණ වාර්තාව නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *