Latestදේශීය

  වෙඩි තැබීමක් හේතුවෙන් කාන්තාවක් තුවාල ලබයි

මාතර – බංගම, දෙදියගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.

දෙදියගල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි විවාහක කාන්තාවක් මෙලෙස තුවාල ලබා ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තුවාලකාරියගේ සහෝදරියගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙඩි තැබීමට භාවිතා කළ බව කියන ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පොලීසිය පවසන්නේ සැකකරු වයස අවුරුදු 38ක් පමණ වන අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *