Latestක්‍රීඩාදේශීය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට සිට

හෙට (30) ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත.

එම  තරගාවලිය සඳහා “ඒ” කාණ්ඩය යටතේ ඉන්දියාව, නේපාලය සහ පකිස්ථානය සහභාගී වන අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, සහ ශ්‍රී ලංකාව “බී” කාණ්ඩය යටතේ සහභාගී වීමට නියමිතයි.

පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ දී තරගාවලිය පැවැත්වෙන අතර පළමු තරගය හෙට පකිස්තානය සහ නේපාලය අතර දිවා රාත්‍රී තරගයක් ලෙස පාකිස්තානයේ මුල්තාන්හි දී පැවැත් වේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අනිද්දා පල්ලෙකැලේ ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතයි.

සෙසු කණ්ඩායම් පහේම ක්‍රීඩක සංචිත නම්කර තිබෙන නමුත්  ශ්‍රී ලංකා සංචිතය මේ දක්වා නම් කර නොමැති බවයි සඳහන් වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *