Latestදේශීය

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දිය ගන්න රජය සූදානම්

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සිය එකඟතාව පළකර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව යොමු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය ඉදිරිපත් කර අතුරු වන්දි වාර්තාවලට අනුව මෙම අතුරු වන්දිය ලබා ගැනීමට නියමිතය.

අතුරු වන්දිය ලෙස ඩොලර් ලක්ෂ 890 ක් සහ රුපියල් මිලියන 16 ක් සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය විසින් ඉල්ලා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එම අතුරු වන්දි ගෙවීමට නෞකා සමාගමේ රක්ෂණ සමාගම සහ නීතිඥ සමාගම මීට පෙර සිය කැමැත්ත පළකර තිබුණි.

පසුගියදා සිංගප්පූරුවේ පැවැති සාකච්ඡාවලදී ගත් තීරණයට අදාළව දෙපාර්ශ්වය මෙම එකඟතාවලට යොමු විය.

සමන් ගමගේ
@Divaina


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *