Latestදේශීය

ඉම්රාන් ඛාන් බන්ධනාගාරයට

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ව එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විශේෂ අධිකරණය ඊයේ (30) නියෝග කර තිබේ.

විශේෂ අධිකරණය පිහිටුවා ඇත්තේ රාජ්‍ය නිල රහස් පනත යටතේ ඉම්රාන් ඛාන්ට සහ හිටපු විදේශ කටයුතු ඇමතිට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීම සඳහාය.

එම අධිකරණයේ නියෝගය පරිදි ඇටොක් බන්ධනාගාර නිලධාරීන් අද පැවති නඩු වාරය සඳහා ඉම්රාන් ඛාන්ව බන්ධනාගාරයේ සිට රැගෙන විත් තිබිණි.

ඉම්රාන් ඛාන් අගමැති ධුරය දැරූ සමයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු ත්‍යාග පිළිබඳ අසත්‍ය ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් ඔහුට නියම වූ වසර තුනක සිර දඬුවම අත් හිටුවීමට ඉස්ලාමාබාද් මහාධිකරණය පසුගියදා නියෝග කළේය. එහෙත් එම අවස්ථාවේ රාජ්‍ය නිල රහස් පනත යටතේ ඉම්රාන් ඛාන්ට සහ හිටපු විදේශ කටයුතු ඇමතිට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම සඳහා පිහිටුවා ඇති විශේෂ අධිකරණය ඇටොක් බන්ධනාගාර නිලධාරීන්ට දන්වා සිටියේ අද පැවති එම නඩුවේ නඩු වාරය සඳහා ඉම්රාන් ඛාන්ව බන්ධනාගාරයේ සිට රැගෙන එන ලෙසය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *