නුවරඑළිය අක්ෂි සායනයේ 17කට සංකූලතා – 2දෙනෙක් මුළුමනින්ම අන්ධයි – GMOA
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අප්‍රේල් මාසයේ සිදුකල අක්ෂි සායන 37න් සංකූලතා ඇති වූවන්ගේ සංඛ්‍යාව 17ක් බවත් ඉන් දෙදෙනෙකු මුළුමනින්ම අන්ධභාවයට පත්ව ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පසුගිය 31 වනදා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තහවුරු කර තිබේ.
වැඩිදුර අදහස් දැක් වූ අක්ෂි විශේෂඥ වෛද්‍ය කණිෂ්ක අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ නොයෙක් තොරතුරු සමාජ ගත වුවත් මෙහි සත්‍ය තත්වය හෙළිදරව් කිරීමට නොයෙක් පුද්ගලයන් බිය වීම හමුවේ මහජනතාවට දැනගැනීම පිණිස මෙය හෙළි කරන බවය.
“මහජනතාව හිතන් ඉන්නේ ඇස්වලට දාන බෙහෙත වැරදුනේ දොස්තරලා නිසා කියලා. මේකෙ වගකීම අපිට බාර ගන්න බැහැ. ඒකට මූලිකවම වගකියන්න ඕන වර්තමාන රජය.
බාල බෙහෙත් ගෙන්නන්නේ රජයේ ලාභ ප්‍රයෝජන සඳහා නොයෙක් බෙහෙත් වර්ග ගෙන්නන්න තුන් කල්ම හදිසි මිලදී ගැනීම් යටතේ ගෙන්නන්නේ බහුතරයක්ම බාල බෙහෙත්. ඒකෙන් එකක් තමයි පෙඩ්නසිලෝන් අක්ෂි බෙහෙත.
මින් ඉදිරියටවත් මේ වගේ බාල බෙහෙත් ගෙන්නන්නේ නැතිවෙන්න වගබලා ගන්න ඕන. වෛද්‍යවරුන් කියලා අපි හිටියත් අපි සමහර තැන්වලදී මානසික ලෙඩුඩු වගේ තමයි. අපිව ඒ තත්වයට ඇද දාලා තියෙන්නෙත් රජය විසින්ම තමා.
වෛද්‍යවරුන්ට හරිහැටි සලකන්නෙ නැති නිසා පහසුකම් හදලා දෙන්නෙ නැති නිසා වෛද්‍යවරු විශාල ප්‍රමණයක් රට හැරලා යනවා. එහෙම ගියාම ඉතිරිවෙන වෛද්‍යවරුන් දවසකට වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ තුන් දෙනෙකුගේ වැඩ කරන්න වෙලා.
ඒ තත්වය නිසා දැඩි පීඩනයකට පත් වෙන්න සිදු වෙනවා. එවිට අවට නිදහස් මනසක් තියාගෙන වැඩ කරන්න බැරි වෙනවා.
දිගින් දිගටම මේ වගේ යන්න දුන්නොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙනවා වගේම මහජනතාවට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන විශ්වාසය අන්තිම බින්දුවටම බහිනවා.
අක්ෂි සායනවලින් අගතියට පත් වූවන්ට රජයේන් කිසිදු වන්දියක් වූ සහනයක් ලබා දීල නැහැ. එසේම වන්දියක් ලබා දුන්නත් නැවත ඇස් පෙනිම ලැබුනේ නැත්තං ඒ වන්දිය කී දවසකට ද? වන්දියෙන් එහා දෙයක් ඒ අහින්සක ජනතාවට ලබා දීම අනිවාර්යයි.”
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

