Latestවිදේශීය

වෙඩි හුවමාරුවෙන් දකුණු අප්‍රිකාවේ 18ක් ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ ‘ලිම්පෝපෝ’ ප්‍රාන්තයේ දී පොලීසිය හා කොල්ලකරුවන් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් කොල්ලකරුවන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

මුදල් සහිත ට්‍රක් රථයක් කොල්ලකෑම සඳහා මෙම කොල්ලකරුවන් සූදානම් ව සිට ඇති බවත් එය මර්දනය කිරීම සඳහා පොලීසිය දැරූ උත්සාහයේ දී මෙම වෙඩි හුවමාරුව සිදු ව ඇති බවත් විදේශ මාධ්‍යය වාර්තා කරයි.

මෙම කොල්ල කල්ලිය, රටේ වෙනත් ස්ථානවල සිදුවූ කොල්ලකෑම් සඳහා ද වගකිව යුතු බවට සැක පළ කරන බව එරට ජාතික පොලිස් කොමසාරිස් ‘ෆැනී මැසෙමෝලා’ අවධාරණය කරයි.

විනාඩි 90ක පමණ කාලයක් පැවති මෙම වෙඩි හුවමාරුවේ දී එක් පොලිස් නිලධාරියෙකු බරපතළ ලෙස තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

සැකකරුවන් පිළිබඳ දින ගණනාවක සිට පොලීසිය හා එරට බුද්ධි අංශ අවධානයෙන් පසු වී ඇති අතර, පොලීසිය විසින් සැකකරුවන් සිටින ස්ථානයට ගිය විගසම මෙම වෙඩි හුවමාරුව ආරම්භ වී තිබේ.

වෙඩි හුවමාරුවෙන් පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *