ලංසාගේ නව සන්ධානයේ නායක අනුර
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා විසින් සංවිධානය කරමින් ඇති නව සන්ධානයේ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාට පවරා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව සෙසු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීමේ බලය ඇතුළු සියලු වගකීම් යාපා මන්ත්‍රීවරයාට පැවරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලංසා සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ඉදිරිපත් කර ඇතැයිද සදහන්ය.
මෙම වගකීම බාර දී ඇත්තේ නව සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීය.
ඉදිරියේදී දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය දේශපාලඥයන් කිහිප දෙනෙකු මෙම නව සන්ධානයට එක්වනු ඇතැයි අපේක්ෂා කරයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

