ශානිගෙන් රාජපක්ෂලා පලිගත් හැටි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරගෙන් ජානාධිපති ගෝටාබය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල දිගින් දිගටම පලි ගැනීමට ගෙනගිය ක්‍රියාමාර්ගවල එක් කඩඉමක් අධිකරණය හමුවේ ජයග්‍රහණය කළ ආකාකරය සවිස්තරාත්මකව අනිද්දා පුවත්පත වාර්තා කර තිබේ.
පසුගිය අගෝස්තු 25 වෙනි දින අධිකරණයේදී ශානි අබේසේකරට විරුද්ධව ඉදිරිපත් කර තිබූ ව්‍යාජ චෝදනා ඇතුළත් නඩුවකින් ඔහුව නිදහස් කරනු ලැබීය. ඒ දක්වා විශේෂයෙන් ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ශානි අබේසේකරට විරුද්ධව ගොන ගිය කුමන්ත්‍රණ එම ලිපියේ පෙලගස්වා තිබිණි.
මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ තනතුරෙන් ශානි අබේසේකරය ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස මාරුකර යැවීය. දෙවනුව ගෝටාබය රාජපක්ෂ විසින් පත්කරනලද පලි ගැනීමේ කොමිසමෙන් ශානි අබේසේකර වරද කරුවකු කිරීමත් තුන්වනුව වාස් ගුණවර්ධන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට ව්‍යාජ කරුණු මත නඩුවක් ගොනු කිරීමත් සිදු කර තිබිණි.
තුන්වනුව දියත් කර තිබුණු අධිකරණමය කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු හෙලිවීමෙන් රාජපක්ෂ පවුලේ වෛරී සැලසුම් සියල්ල හෙළි වී ශානි අබේසේකර නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

