Latestදේශීය

ආර්ථික සංකෝචනය සහ නන්දලාල් විග්‍රහය

මේ රට වඩාත් බරපතළ ආර්ථික බිඳ වැටීමකට ඉඩ තිබූ අතර තම ක්‍රියාමාර්ග තුළින් දැනට පවතින තත්වයෙන් බේරා ගත හැකි වී තිබෙන බවත් ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය පට්ටම් තිබුණාට මේ ගැන දැනීමක් නැති අය විවිධ ප්‍රකාශ කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබේ.

ඉරිදා ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ මහබැංකු අධිපතිවරයා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

එම මාධ්‍යවේදීයා නැඟූ ප්‍රශ්නය සහ එයට මහබැංකු අධිපතිවරයා ලබා දුන් සම්පූර්ණ පිළිතුර උපුටා ගෙන පහත දැක්වේ.

ප්‍රශ්නය – “මහබැංකුව රටේ ආර්ථිකය සංකෝචනය කරමින් ආර්ථික කටයුතු මෙහෙයවීමෙන් ආර්ථිකය තව දුරටත් පිරිහෙන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙනවා. ඔබට මේ ගැන කිව හැක්කේ කුමක්ද?“

පිළිතුර – “අපි කරපු වැඩෙන් තමයි ආර්ථිකය කුඩුපට්ටම් වෙලා යන එක නතර වුණේ. 2022දී ආර්ථිකය සීයයට 8.7න් සංකෝචනය වෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කළා. ලෝක බැංකුව කිව්වේ සීයයට 9.2න් සංකෝචනය වෙයි කියලා. ඒත් අපේ ආර්ථිකය 2022දී සංකෝචනය වුණේ 7.2න්. අපි ගත්ත ක්‍රියාමාර්ග නිසා තමයි 8.7 නොයා 9.2ට නොයා 7.8න් ආර්ථිකය සංකෝචනය වුණේ. ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය පට්ටම් තිබුණට මේ ගැන දැනීමක් නැති නිසා තමයි ඔය විදිහේ ප්‍රකාශ කරන්නේ.“

පසුගිය 2022 වර්ෂයේ මුල් කාර්තුවේ ආර්ථික සංකෝචනය 0.5%ක් වූ අතර මෙම වසරේ මුල් කාර්තුව තුළ එය 11.5%ක් දක්වා අති විශාල වශයෙන් වැඩිවී තිබීම ගැන කිසිවක් නොකියා සිටීමට මහබැංකු අධිපති පරිස්සම් වී තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?