ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (05)
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (05) පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිත තිබේ.පකිස්ථානයේ ලාහෝර්හි ගඩාෆී ක්රීඩාංගනයේදීයි මෙම තරගය පැවැත්වෙන්නේ.තරගාවලියේ බී කාණ්ඩයේ තරගයක් මෙම තරගය පැවැත්වෙන අතර බී කාණ්ඩයේ සහභාගී වූ පළමු තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 5ක් දවා ගත් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙයි.
මේ අතර ඇෆ්ගනිස්ථානය සහභාගී වූ පළමු තරගයේදී බංග්ලාදේශය හමුවේ පරාජය වූයේ ලකුණු 89කිනි.කණ්ඩායම් දෙකම මූලික වටයේ සහභාගී වන අවසන් තරගය මෙයයි.මේ වන විට ඇෆ්ගනිස්ථානයේ රහ්මනුල්ලා ගුර්බාස් එක් දින ලකුණු දහස සීමාව පසු කිරීමට තවත් ලකුණු 46ක් පසුපසින් සිටි.
මෙම තරගය ශ්රී ලංකා වේලාවෙන් අද (05) සවස 3.00 ට ආරම්භ වීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

