බැංකු ණය යටතේ රේල් පීලි නැවක් ශ්‍රී ලංකාවට
දුම්රිය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ මෙරටට ගෙන්වන ලද රේල් පීලි තොගයක් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ සමගි බහාලුම් පර්යන්ත පරිශ්‍රයේදී සිදුකෙරිණි.
මේ යටතේ වර්ග දෙකකට අයත් රේල්පීලි 10000ක් චීනයේ සිට මෙරටට ආනයනය කර ඇති අතර එහි වටිනාකම රුපියල් බිලියන දෙකකට අධික වේ. (රු.2,144,825,600.00)
වසර තුනකට පසුව මෙරටට ලැබුණු ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ ගෙන්වන ලද මෙම රේල් පීලි තොගය භාර දීමේ අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (යටිතල පහසුකම්) එච්. එම්. ඩබ්.බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

