Burning Man වෙනුවෙන් පැමිණි අයට යාමට අවසර
අමෙරිකාවේ නෙවාඩා හි Burning Man සංස්කෘතික උත්සවයට පැමිණ ඇතිවූ දැඩි වර්ෂාව නිසා පිටව යාමට නොහැකිව එහි සිරවී සිටි පිරිසකට තෙත් තත්ත්වය පහව ගිය පසු පිටව යාමට සංවිධායකයින් විසින් අවසර දී තිබෙන බව වාර්තා වේ.මෙම ස්ථානයෙන් පිටව යාමට පටන් ගත හැකි බව සංවිධායකයින් පැවසූ නමුත් තදබදය වැළැක්වීම සඳහා එය අද (05) දක්වා ප්රමාද කිරීමටයි ඔවුන් යෝජනා කර තිබෙන්නේ .
Burning Man සංස්කෘතික උත්සවයට පැමිණ අතරමං වූ පුද්ගලයන් ගණන72,000කි.මේ අතරින් 62,000ක් පමණ තවමත් එම ස්ථානයේ රැඳී සිටින අතර මෙම ස්ථානයේදී ජිවිතක්ෂයට පත්වූ වයස අවුරුදු 40 ක් පමණ වන පුද්ගලයාගේ සිදුවීම අයහපත් කාලගුණය නිසා සිදු වූවක් නොවන බවයි සංවිධායකයින් සඳහන් කරන්නේ.
Burning Man සංස්කෘතික උත්සවය නිල වශයෙන් අගෝස්තු 27 වෙනිදා ආරම්භ වුණා.නමුත් ඊට පෙර සිට එම ප්රදේශය Hilary සුළි කුණාටුවෙහි බලපෑමට ලක්ව තිබෙනවා.
Burning Man යනු අමෙරිකාවේ වඩාත් ප්රසිද්ධ කලා හා සංස්කෘතික සිදුවීම් වලින් එකක් වන අතර ජනතාව ඒ වෙනුවෙන් කාන්තාරය මැද තාවකාලික නගරයක් නිර්මාණය කර මෙම උත්සවය පවත්වනු ලබනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

