Latestදේශීය

ඉතිහාසයේ හොදම ආන්ඩුව අපි හදනවා – අනුර දිසානායක

එක සැරයක් මාලිමාවට ආණ්ඩු බලය ලබා දුනහොත් එය ලංකා ඉතිහාසයේ බිහි කරන ලද හොඳම ආණ්ඩුව බවට පත් කරන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මීට පෙර බලය දුන් තිස්සමහාරාම ප්‍රාදේශිය සභාව ලංකාවේ හොදම ප‍්‍රාදේශීය සභාව බවට පත් කිරීමට කටයුතු කර ඇති බවත් තමනට ලබාදුන් අමාත්‍යාංශවල ද හොඳට වැඩ පෙන්වා ඇති බවත් හෙතෙම පැවසීය.

එනිසා එක් වතාවක් තම පක්ෂයට බලය ලබා දී බලන්නැයිද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ නිරීක්ෂණ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ  අදහස් පල කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *