Latestදේශීය

සොනික් සොනික් හෙළිදරව් කළ හරීන් ඇයි අද මෙහෙම?

මේ වනවිට විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය ගැන දැඩි නිහඬතාවයක සිටින සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවක් පිළිබඳව විශාල අවධානයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ යොමුවී තිබේ.

මෙයට හේතු වී තිබෙන්නේ චැනල් 4 නාලිකාව මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අද රාත්‍රියේ විශේෂ කරුණු රැසක් අඩංගු වීඩියෝවක් මුදා හැරීමට නියමිතව තිබීමයි. ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පවා විශාල සංවාදයක් ඇති වූ අතර හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා නිහඬතාවයක සිටීම පිළිබඳව මාධ්‍යවේදීන්ගේ දැඩි අවධානය යොමු වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් කරුණු සොයා යාමේදී 2021 අප්‍රේල් 21 වෙනි දින එවකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවෙදී විශේෂ කරුණු රැසක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෙළි කර තිබිණි.

හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගන්නා ලද එම කතාවේ කොටසක් පහත පළ කෙරේ.

“මම තව කාරණයක් කියන්නම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමන්ලාත් දන්නවා ඇති මාතලේ තව සහරාන් කියලා කෙනෙක් සිටි බව. එයාට කියන්නේ පොඩි සහරාන් කියලා. ඒ පොඩි සහරාන්ට කතා කළ ‘සොනික් සොනික්‘ කියලා code එකක් තියෙනවා. මේ සොනික් සොනික් කියන කෝඩ්වලින් තමයි මේ ගොල්ලන් එක එක ඒවා හොයා ගන්න කතා කළේ. මේ සාක්ෂිය දුන්නේ මම නොවෙයි, ජනාධිපති කොමිසමට සාක්ෂි දීපු සී අයි සේනාරත්න.“

මෙවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර පසුව ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට එක්වූ අතර දැන් රනිල් වික්‍රමසිංහ යටතේ කැබිනට් ඇමති ධුර දරමින් සිටී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *