Latestදේශීය

සජබ සමග එකතු වීමක් නැහැ – ශ්‍රී ලංකා මහජන පක්ෂය

ශ්‍රී ලංකා මහජන පක්ෂය සමගි ජන බලවේගය සමග එක්වූ බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා පවසයි.

ඊයේ (05) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවුණි.

ඒ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදීය.

ඊයේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අද අසංක නවරත්න මන්ත්‍රිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා,

“අපිට ලැබුණු ආරාධනාවක් අනුවයි හමුවුණේ. ඒ සාකච්ඡාවෙදි අපි සමගි ජන බලවේගයට එකතු වෙනවයි කියන කාරණයක් මතුවුණේ නැහැ. පුළුල් සන්ධානයක් අපි හදන්න උත්සාහ කරනවා. ඒ සන්ධානයට එකතු වෙන්න කියන ආරාධනය ඔහුගේ පැත්තෙක් කළා. අපේ අවසාන තීරණයක් නැහැ.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *