Latestදේශීය

දයාසිරි ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම තහනම් කර තිබේ.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩල මණ්ඩලයේ ඊයේ පස්වරුවේ රැස්වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති ත්‍රීපාල සිරිසේන මහතා විසින් දයාසිරි ජයසේකර මහතා වෙත ලිඛිතව මේ බව දැනුම් දී තිබේ.

ඒ අනුව ජයසේකර මහතාට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඉදිරි දෙසතියක කාලය ඇතුළත අදාළ චෝදනා පත්‍රය ලබා දෙන බවත් ලිපියේ සඳහන් වෙයි.

ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයේ වැඩ බැලීම සදහා සරත් ඒකනායක මහතා පත් කර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *