Latestදේශීය

කන්සා ගැන කතා කරන රතන හිමි ගෝඨාභයවත් කෘෂිකර්මාන්තයත් විනාශ කළා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වැරදි උපදෙස් දී එම ආණ්ඩුව බිඳ දැමීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එදා කටයුතු කළ බව සංචාරක රාජ ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

එම ආණ්ඩුව යුගයේ කාබනික පෝර ගෙනැවිත් මුළු රටම විනාශ කර දැමීමට රතව හිමියන් මුල් වූ බවටත් ඇය චෝදනා කළා ය.

තුනෙන් දෙකක් තිබූ ඒ බලගතු ආණ්ඩුව බිම දැමීම සඳහා පොහොර ප්‍රතිපත්තිය තීරණාත්මකව බලපෑ බවත් ඇය පෙන්වා දෙයි.

එනිසා රතන හිමියන් නොදන්නා ගංජා වගාවක් ගැන කතා නොකර සිටින ලෙස තමන් ඉල්ලා සිටින බවත් ඇය පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *