කම්කරු අරගල මධ්‍යස්ථානයේ පළමු මහසමුළුව අදයි
IMF මර උගුලට එරෙහි මධ්‍යස්ථානයක් – කම්කරුවනි සංවිධානය වනු! යන තේමාව පෙරදැරිව අද උදේ 10.00ට මහරගම යොවුන් රගහලේදී කම්කරු අරගල මධ්‍යස්ථානයේ පළමු මහ සමුළුව පැවැත්වීමට නියමිතයි.
IMF කොන්දේසි ක්‍රියාත්මක කිරීමේ දී කම්කරුවන් මත පැටවෙන සියලුම ආකාරයේ පීඩනයන්ට සහ හිංසනයන්ට එරෙහිව පුළුල් ජනතා මධ්‍යස්ථානයක් අවශ්‍ය බවත් එම මධ්‍යස්ථානය හරහා සියලුම කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ යුතු බවත් එම සටන් ජයග්‍රහණය කිරීම සදහා සැලසුම්සහගත වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් සියලු දෙනා පෙලගැසීම තුළින් පොදු පරමාර්ථ ජයග්‍රහනය කළ හැකි බවත් පවසන කම්කරු අරගල මධ්‍යස්ථානයේ මහසමුළු සංවිධායකයින් අද පවත්වන පළමු මහසමුළුව තුළින් එයට අවශ්‍ය ශක්තිමත් අඩිතාලම දමන බව ද පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

