Latestදේශීය

සෞඛ්‍ය ඇමතිකමට ඉව අල්ලන විපක්ෂ මන්ත්‍රී

විපක්ෂයේ මන්ත්‍රීවරයකු සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  හේරත් මහතා සඳහන් කරයි.

කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග සම්මත වුවහොත් එම මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට තම පක්ෂය සහාය දෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ප්‍රශ්නයකට වඩා සෞඛ්‍ය ක්ෂේත්රයේ සමස්ත ක්‍රමය වෙනස් කිරීම සඳහා ඡන්දය භාවිතා කරන බවද මන්ත්‍රීවරයා සදහන් කලේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භංග විවාදයේ දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *