දයාසිරි ක්රීඩා ඇමති?
තමන් එළැඹෙන සතියේ ක්රීඩා අමාත්ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවට ඇතැමුන් ි්පවසමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
තමන් කිසිසේත්ම තමන්ට අයිති නැති ඇමති ධුරයක් භාරගැනීමේ සූදානමක නැති බව ද හෙතෙම පැවසීය.
රනිල් වික්රමසිංහ මහතාද අවස්ථා කිහිපයකදී ම තමන්ට අමාත්ය ධූරයක් භාරගන්නා ලෙස ආරාධනා කළ බවත් ඔහු කියා සිටියි.
නමුත් මේ ආණ්ඩුවේ අමාත්ය ධුර බාර ගැනීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බව ද ඒ මහතා පැවසීය.
කුරුණෑගල පඬුවස්නුවර පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.
තමන් ශ්රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ගන්නා ලද තීන්දුව නීති විරෝධී බවද පැවසූ ඔහු එම අවස්ථාවේ දේශපාලන මණ්ඩලයේ හිටියේ සාමාජිකයන් හය දෙනකු බවත් සාමාජිකයන් 14 දෙනකු සිටිය යුතු බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

