මාධ්‍ය හිමිකරුවෙක් ජනාධිපතිවරණයට
මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකු දේශපාලන පක්ෂයක හිමිකාරීත්වය ලබා ගෙන ඇති බව වාර්තාවේ.
ඒ ඔහු ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමේ අපේක්ෂාවෙන් බව ද ආරංචි මාර්ග කියා සිටී.
මෙසේ මිලට ගෙන ඇත්තේ හිටපු ආණ්ඩුකාරයකු මෙන්ම දේශපාලන පවුලකට සම්බන්ධ දේශපාලන පක්ෂයක් හිමි පුද්ගලයෙකුගේ දේශපාලන පක්ෂයකි.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු ද දේශපාලන පක්ෂයක් මිලදී ගැනීමට උත්සාහ දරමින් සිටී.
එම පක්ෂය මිලදීගෙන නායකයා ඇතුළු නිලධාරීන් මණ්ඩලය පත් කිරීම සඳහා ඔහු සූදානමින් සිටියත් පක්ෂය හිමි පුද්ගලයා එය ලබාදීමට මෙතෙක් අවසන් කැමැත්ත පළ කර නැති බවද වාර්තා වෙයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

