Latestදේශීය

අමාත්‍යධූර වෙනසක්

මෙම මාසය තුළ අමාත්‍ය ධුර කිහිපයක සංශෝධනයක් සිදුවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවට සහය පළ කරන පක්ෂ අතර මේ සම්බන්ධයෙන් කතාබහක් මතුව ඇති අතර එය සිදුවන කාලවකවානුව සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා ඉදිරි දිනවලදී විදෙස් ගතවීමට සුදානමින් සිටිම ඊට හේතුව වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට තවත් අමාත්‍යධුර 08ක් පිරිනැමීමේ හැකියාව පවතී.

කෙසේවෙතත් කැබිනට් සංශෝධනයේ දී අමාත්‍ය ධුර හතරක් අලුතෙන් ලබාදෙනු ඇති බව වාර්තා වේ.

බොහෝවිට නව අමාත්‍යධුර සකස් කිරිම දැනට අමාත්‍ය ධුර දරන පුද්ගලයින්ගේ විෂයන් ඉවත් කරමින් සිදුවනු ඇති බවද සඳහන්ය.

පවතින තත්ත්වය තුළ සෞඛ්‍ය අමාත්‍ය ධුරයද වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් අතර රාජකාරිමට ගැටලු සම්බන්ධයෙන් මත ගැටුමක් මතුව ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි ඔවුන් මෙම ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ඉදිරියේ දී සිදුවන කැබිනට් සංශෝධනයේ දී මේ සම්බන්ධයෙන් ද අවසන් තීරණයක් ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *