කහ උණ එන්නත් අවසන්
අප්‍රිකානු රටවල සේවයට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින 5000කට ආසන්න පිරිසක් කහ උණ සඳහා එන්නත නොමැතිවීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තා වේ.
මෙම එන්නත නොමැතිවීම හේතුවෙන් මේ වනවිට 5000ක පමණ වන පෝලිමට දිනෙන් දින පිරිස් එක් වෙමින් සිටින බව සෞඛ්‍ය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
අප්‍රිකානු රටවලට යන අය සෞඛ්‍ය හේතු මත මෙම එන්නත අනිවාර්යෙන්ම ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණකි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක පවසන්නේ සියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ එම එන්නත් තුන්දාහක් පමණ ළගදීම පැමිණීමට නියමිත බවත් එම එන්නත් 7,500ක් ඇණවුම් කිරිමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතත් සැපයුම්කරුවන් තවමත් ඉදිරිපත්ව නැති බවත්ය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

