Latestවිදේශීය

සාගර පතුලේ රන් බිත්තරයක කොටස් හමුවේ?

ඇලෙස්කා බොක්කේ අඩි 3,300ක් පමණ ගැඹුරු මුහුදු පතුළෙන් බිත්තරයක කොටස් යැයි කිව හැකි රන්වන් පැහැති වස්තුවක් හමු වී තිබේ.

මේ වස්තුව ගැන විද්‍යාඥයන් පවා මවිතයට පත් කර ඇති අතර මෙය ජීවියෙක් බිහිකිරිමෙන් පුපුරා ගිය ‘රන් බිත්තරයක්’ යැයි ඔවූහු සැක කරති.

අමෙරිකාවේ සාගර සහ වායුගෝලීය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් ගවේෂණය කරමින් සිටින විට මෙම බිත්තර සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන විද්‍යාඥයින් පවසන්නේ තම ජර්යේෂණ ජීවිති කාලයේ මෙවැනි වස්තුවක් හමුවුණු පළමු අවස්ථාව මෙය බවය.

මෙම අබිරහස් වස්තුව සැබැවින්ම බිත්තරයක් නම්, මුහුදු පතුළෙන් මෙතෙක් හඳුනා නොගත් ජීවියකුට අයත් බිත්තරයක් විය හැකි යැයි බව විද්‍යාඥයෝ පවසති.

මෙහි පළල සෙන්ටි මීටර් 10ක් වන අතර එය ජීව විද්‍යාත්මක සම්භවයක් ඇති දෙයක් විය හැකි බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බවද පැවසේ.

බිත්තරයක හැඩැති මෙම වස්තුව පුපුරා ගොස් තිබෙන අතර ඒ තුළින් යම් ජීවියෙක් පිටතට එන්නට ඇතැයි ඔවූහු සැක කරති.

කෙසේ වෙතත්, මෙය බිත්තරයක්මද යන්නත් එය බිත්තරයක්නම් කුමන සතෙකුගේ බිත්තරයක්ද යන්නත් මෙතෙක් සොයා ගෙන නොමැත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *