Latestදේශීය

පීත්ත පටිය කපන්න ලක්ෂ 10ක්

(මුදිතා දයානන්ද)

සෞදි අරාබියේ පැවැති වෙළෙඳ ප්‍රදර්ශනයකදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ කුටියක් විවෘත කිරීමේ අවස්ථාවට රිබන්, කතුරු, ඉටිපන්දම් හා බන්දේසියක් මිලදී ගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වැය කර ඇතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.

එම වාර්තාවේ දැක්වෙන පරිදි මෙම වෙළෙඳ ප්‍රදර්ශනය 2022 වසරේ මැයි 09 සිට 12 වැනිදා දක්වා පවත්වා ඇති අතර එහි වියදම් සඳහා 2021 වසරේ දෙසැම්බර්වලදී රුපියල් කෝටි නවයක් අනුමත කර ඇතත් 2022 වසරේ මාර්තු 29 වැනිදා ඒ වෙනුවෙන් රුපියල් කෝටි දොළහකට අධික මුදලක් වෙන්කර ඇත.

මෙම මුදල මුලින් වෙන්කර ඇත්තේ වර්ග මීටර 250ක ඉඩ ප්‍රමාණයක් වෙනුවෙන් වුවද පසුව ආර්ථික අපහසුතා නිසා යැයි පවසමින් එය වර්ග මීටර 150 දක්වා අඩුකර තිබේ.

එසේ ඉඩ අඩු කළද එයින් මූලික පිරිවැය අඩු වීම වෙනුවට තවත් රුපියල් 5,823,000ක් වැඩිපුර වැය වී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *