Latestදේශීය

ඉදිරියේදී තවත් භූ කම්පන ඇතිවේවි – භූ විද්‍යාඥ අතුල සේනාරත්න

ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු ඔස්ට්‍රේලියානු තල මායිමේ තවත් විශාල භූ කම්පන ප්‍රමාණයක් ඉදිරියේ දී සිදුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, භූ විද්‍යාඥ අතුල සේනාරත්න සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ (11) අලුයම 1.30ට පමණ මඩකළපුවට ඔබ්බෙන් කිලෝමීටර 310ක පමණ දුරින් ඊසානදිග ගැඹුරු මුහුදේ සිදු වූ රිච්ටර් මාපක 4.65ක් වූ භූ කම්පනය සම්බන්ධයෙන් අදහස් දක්වමිණි.

එමෙන්ම පසුගිය පැය 10 තුළ ඉන්දු-ඔස්ට්‍රේලියානු භූ තලයේ මෙන්ම ඉන්දුනීසියාව හා ජපානය අතර භූ තලයේ රිච්ටර් මාපක 4ට වැඩි භූ කම්පන 08ක් සිදුව ඇතැයිද ඔහු පෙන්වා දෙයි. මේ අනුව දකුණු අර්ධගෝලයේ කිසියම් රටාවකට අනුව භූ කම්පන සිදුවන බවත් ඉදිරියේ දී භූ කම්පන රැසක් සිදු විය හැකි බව්ත ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව අනිසි ලෙස බියට පත් විය යුතු නොමැති බවත් ලංකාවට බලපෑමක් එල්ලවිය හැක්කේ විශාල විභව ශක්තියක් පිට කරමින් මහා පරිමාණ කම්පන සිදුවුවහොත් පමණක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, භූ විද්‍යාඥ අතුල සේනාරත්න වැඩිදුරටත් සඳහන් කරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *