Latestක්‍රීඩාදේශීය

ඉන්දියාවට සුපිරි ජයක්

(යොහාන් භාසුර)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ සත්කාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී  පැවැති තරගයෙන් ඉන්දීය පිල ලකුණු 41 කින් ජය ලැබීම සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 41.3 කදී ලකුණු 172 කට සීමා විය.

ශ්‍රී ලංකා පිල ලකුණු 99 කට කඩුලූ 6 ක් දැවී දැඩි අවිනිශ්චිත තත්වයක සිටියදී ධනංජය ද සිල්වා (41) සහ දුනිත් වෙල්ලාලගේ (නොදැවී 42) හත්වෙනි කඩුල්ලට ලකුණු 63 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්ත්වයක රැගෙන ආවද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

කුල්දීප් යාදේව් අනගි පන්දු යැවීමක නැවත වරක් නිරතවෙමින් ලකුණු 43කට කඩුළු 4ක් දවා ගත්තේය. දුනිත් වෙල්ලාලගේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 10යෙදී නිලකුණු ඕවරක් සමගින් ලකුණු 40 කට කඩුලූ 5ක් දවා ගැනීමට සමත් විය.

දුනිත්, විරාට් කෝලි, රෝහිත් ශර්මා සහ කේ. එල්. රාහුල් ඇතුළු ඉන්දීය පිලේ ඉදිරිපෙළ ප්‍රබල පිතිකරුවන් 5ක් දවා ගැනීම කැපී පෙනුණි.

චරිත් අසලංක ඉන්දීය පිලේ මැද පෙළ සහ පසුපෙල අකර්මණ්‍ය කරමින් ඕවර 9 කදී නිලකුණු ඕවරක් සමගින් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේය.

ඉන්දීය පිල ඕවර 49.1 යේදී සියලු දෙනා දැවී 213 (රෝහිත් ශර්මා 53, ෂුබ්මන් ගිල් 19, ඉෂන් ක්‍රිෂන් 33, කේ. එල්. රාහුල් 39, අක්ෂර් පටෙල් 26, දුනිත් වෙල්ලාලගේ 40/5, චරිත් අසලංක 18/4) ශ්‍රී ලංකා පිල ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 172 (කුසල් මෙන්ඩිස් 15, සදීර සමරවික්‍රම 17, චරිත් අසලංක 22, ධනංජය ද සිල්වා 41, දුනිත් වෙල්ලාලගේ නොදැවී 42, කුල්දීප් යාදේව් 43/4, ජස්ප්‍රිට් බුම්රා 30/2, රවීන්ද්‍ර ජඩේජා 33/2)

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *