ජනාධිපතිට කතෝලික සභාවේ ප්‍රතිචාරය
පාස්කු ඉරිදා ප්‍රහාරය පාදක කොටගෙන බ්‍රිතාන්‍යයේ “චැනල් 4” නාළිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහන පිළිබඳ විමර්ශනයට තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා වන ජනාධිපතිවරයාගේ යෝජනාව සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් කතෝලික සභාව ඊයේ (12) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
යෝජිත තවත් පාර්ලිමේන්තු තේරීම් කමිටුවකින් හෝ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන විශ්‍රාමික විනිසුරුවරයකුගේ නායකත්වයෙන් යුත් කමිටුවකින් හෝ මෙම විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදු වෙතැයි තමන් කිසිදු ලෙසකින් නොසිතන බවත් ඒ වෙනුවට විමර්ශනය සිදු විය යුත්තේ, ස්වාධීන, ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක පුළුල් නිරීක්ෂණය සහ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නක විමර්ශන කණ්ඩායමක් විසින් යැයි සිරිල් ගාමිණී පියතුමා එහිදී මාධ්‍ය වෙත පැවසීය.
එහිදී විශේෂයෙන් එම ස්වාධීන විමර්ශනය සිදු කිරීම සඳහා පත් කරනු ලබන දේශීය විමර්ශන කණ්ඩායමට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූ මොහොතේ සිට මූලික විමර්ශන කටයුතු සිදු කරන ලද, දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විවිධ ප්‍රදේශවලට මාරු වීම් ලබා දී තිබෙන විමර්ශකයන් සියලු දෙනා ඇතුළත් විය යුතු බවද එහිදී සිරිල් ගාමිණී පියතුමා ඉල්ලා සිටියේය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

