Latestදේශීය

ශෂී වීරවංශ නඩුව කල්යයි

හිටපු ඇමති විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංසට එරෙහිව, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සන්තකයේ තබාගැනීම ම්බන්ධයෙන් පවරා ඇති නඩුව කැඳවීම ඔක්තෝබර් මස 31 වැනිදා කල් තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඊයේ (12) නියෝග කර තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනාට එදින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම්දී ඇත.

එදින නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමටද විත්තියට ඉඩ ලබා දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමින් කූඨ ලෙස හැඳුනුම්පතක් සකස් කරගැනීම සහ මෙලෙස ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංසට මෙලෙස චෝදනා එල්ලවී ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *