සජිත් සූදානම්
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් බවත් රටේ වගකීම බාර ගැනීමට සජිත් ප්‍රේමදාස ප්රමුඛ සමගි ජන බලවේගය සූදානම් බවත් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.
සමගි ජන බලවේගය රටේ සෑම මැතිවරණ කොට්ඨාසයකම බල මණ්ඩල පවත්වා අවසන් බවත් ඕනෑම වෙලාවක මැතිවරණයට සූදානමින් තම පක්ෂය කටයුතු කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන “දිනන ඇරඹුම” තේමාවෙන් සැප්තැම්බර් 16 සහ 17 දා මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරු සහ සංවිධායකවරු එක්ව මාතරින් පක්ෂයේ ශාඛා සමිති, කාන්තා සමිති , තරුණ සංවිධාන පිහිටුවන වැඩපිළිවෙල ආරම්භ කරන බවත් මෙම වැඩපිළිවෙල ඉදිරි කාලය තුළදී රට පුරා දියත් කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

