Latestදේශීය

අයි.එම්.එෆ් මුදල් ගැන විශ්වාසයක් නැහැ

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල නිසා අනාගතයේදී මෙරට ආර්ථිකය නරක අතට හැරෙනු ඇතැයි ශ්‍රී ලාංකිකයන් සියයට 45 ක් විශ්වාස කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් ලෙස බලපානු ඇතැයි විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා ජනතාවගෙන් සියයට 28 ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබේ.

වෙරිටේ රිසර්ච් ආයතනය මෙම සමීක්ෂණය සඳහා වැඩිහිටියන් 1008 දෙනෙකුගේ යුත් නියැඳියක් තෝරාගෙන ඇත. එම නියැඳියට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන රටේ දැන් සහ ඉදිරි ආර්ථිකයට බලපාන්නේ කෙසේද යන ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත.එම ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා නියැඳියට පිළිතුරු 5 ක් ලබා දී ඇත.එම 1008 දෙනා ලබා දුන් පිළිතුරු අනුව සමීක්ෂණයේ ප්‍රතිඵල සැකසී තිබේ.මෙම සමීක්ෂණය පසුගිය ජූනි මාසයේදී සිදු කර තිබේ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *