මහබැංකු අධිපති 4වෙනි තට්ටුවට ගෙන යා යුතුයි – වජිර අබේවර්ධන
වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන එම තනතුරුවලට පත්වීමත් සමග අත්තනෝමතික ලෙස රට බංකොලොත් බව ප්‍රකාශ කර විදේශ ණය ගෙවීම අත්හිටවීම සම්බන්ධයෙන් බුද්ධ අංශ යොදවා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ “රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කමිටුව” හමුවේය. එම කමිටුව හමුවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් කරුණු දක්වමින් වජිර අබේවර්ධනගේ මතය තවදුරටත් තහවුරු කර ඇත. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක ඇතුළු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට සමීපතමයන් ගණනාවක්ද එම කමිටුව හමුවේ වජිර අබේවර්ධනගේ අදහස අනුමත කර තිබේ.
පසුගිය 2022 වසරේ අප්‍රේල් 12 වෙනි දින රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ වනවිට රජයේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 70ක් බවද එම වසරේදී ගෙවිය යුතුව තිබූ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3.1ක් බවද එය ගෙවීමේ හැකියාව තිබුණු බවද වජිර අබේවර්ධන ප්‍රමුඛ පිරිස කමිටුව හමුවේ කරුණු දක්වනු ලැබීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අතිශය සමීපතමයෙකු වන වජිර අබේවර්ධන මෙම ප්‍රකාය සිදු කරන්නේ මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන දේශීය ත්‍රිපුද්ගල බල අධිකාරිය යටතේ මෙහෙයවමින් පවතින වාතාවරණයක් තුළය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

