Latestදේශීය

රට ගිහින් ඇවිත් ඉතිරි මුදල් ආපසු දෙන එකම ඇමති මා පමණයි

ආණ්ඩුවේ ඇමතිවරු කිහිපදෙනෙකු මේ වනවිට තමන් පිළිබඳව මහජනතාව තුළ ප්‍රතිරුපය ගොඩනගාගැනීමේ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහත් පරදා එම කටයුත්තට ඇමති බන්දුල ගුණවර්ධන වේගයෙන් අවතීර්ණවෙමින් සිටින බව ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පැහැදිලි වී තිබේ.

ලේක්හවුස් පුවත්පත, රජයේ නිල වෙබ්අඩවිය, ස්වාධීන රූපවාහිනිය සහ ජාතික රූපවාහිනිය ඔහුගේ ප්‍රචාරක කටයුතු වෙනුවේන විශාල වශයෙන් යොදවා ගනිමින් සිටී. මේ අතරින් රජයේ නිල වෙබ්අඩවිය ඊයේ (17) පල කර තිබූ ප්‍රවෘත්තියක සිරස්තලය “රට නැවත අරාජික බවට පත් කිරීමට තැත් කරන පුද්ගලයින් පිළිබඳව දීර්ඝ විමර්ශනයක් කරන්න – අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන” යනුවෙන් යොදා තිබිණි.

එම ප්‍රවෘතියෙන් කියවුනේ ඇමති බන්දුල ගුණවර්ධන රට ගොඩගැනීමට කැපවී ක්‍රියා කරන අතර ඔහු බිය කිරීම සඳහා කටයුතු කරන පිරිසක් සිටින බවය. අදාල ප්‍රචාරය පුවත සම්පූර්ණයෙන් උපුටාගෙන පහතින් දැක්වේ.

රට වැටි තිබෙන තැනින් ගොඩගැනීමට කැපවී කටයුතු කරන පිරිස් බිය වද්දමින් රට නැවත අරාජික බවට පත් කිරීමට තැත් කරන පුද්ගලයින් පිළිබඳව දීර්ඝ වශයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිය බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“තමා සම්බන්ධව ඉදිරිපත්ව තිබෙන අල්ලස් චෝදනාව පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් (09/15) දින පෙරවරු වේ කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ථ වෘත්තිය සමිති නොවන පුද්ගලයින් කිහිපදෙනකු විසින් ක්‍රියාත්මක කරන ලද වර්ජනයක් හේතුවෙන් වටිනා තරුණ ජීවිතයක් අහිමි වී විශාල ව්‍යසනයක් සිදුවුණා. එම සිදුවීමෙන් පසු රජය විසින් අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කර දුම්රිය යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව ඊයේ දිනයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු, දුම්රිය නිල නිවාසවල පදිංචිව සිටින,සේවකයෙකු වන ඉන්දික දොඩම්ගොඩ නැමැති මහතෙකු විසින් මුළු මහත් රටම කැළඹී ප්‍රචණ්ඩත්වයක් ඇතිවන ආකාරයේ සියලු වර්ජන සඳහා අදූරදර්ශී කැබිනට් අමාත්‍යවරයා වගකිවයුතු බවත්,ඔහුගේ වංචනික සහ දූෂිත ක්‍රියා නිසා සියල්ල සිදු වන බවත් මහජනයාට ඇඟවීම සඳහා ඉතාමත් සාවද්‍ය, ද්වේශ සහගත වෛරී ප්‍රකාශනයක් සිදු කරමින්, මේ සියලු දේ සිදුවන්නේ අමාත්‍යවරයාගේ වංචනික,දුෂිත, අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් බව මතයක් සමාජගත කර ඒ තුළින් ජනතාවගේ වෛරය අප වෙත හැරවීමට දරන උත්සාහය අපරාධයක්.ඒ පිළිබඳව මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළා.

මීට අමතරව ටෙන්ඩර් කැඳවීමකින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු කළ බවටත්ටත් චෝදනා කරනවා. මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ඉන්දියානු සමාගම් වෙත ලබාදී ඇති ටෙන්ඩර් 2015,2016,2019 වසරවල සිදුකරන ලද ඒවා. මාගේ නිවසට ගිනි තැබීමෙන් අනතුරුව මේ අමාත්‍යංශයේ වගකීම භාරගනු ලැබුවේ 2022 වසරේදී. ඒ කාල පරිච්ඡේදය තුළ කිසිදු ටෙන්ඩරයක් ලබා දී නැහැ. අප විසින් සිදුකර තිබෙන්නේ නතර වී තිබුණු කටයුතු කඩිනම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම පමණයි.

එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්, රට වැටි තිබෙන තැනින් ගොඩගැනීමට කැපවී කටයුතු කරන පිරිස් බිය වද්දමින් රට නැවත අරාජික බවට පත් කිරීමට තැත් කරන පුද්ගලයින් පිළිබඳව දීර්ඝ වශයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මා ඉල්ලීමක් සිදු කළා.

මීට අමතරව මෙම සමාගම් වලින් මා හට කෝටි පහක අල්ලසක් ලබා දීම පිළිබඳව චෝදනාවක් එල්ල කර තිබෙනවා. ඒ පිළිබඳවත් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.

හිරු ටීවී නාලිකාවේ (09/14)දින දහවල් 11.55 ප්‍රවෘත්ති විකාශයෙන් පැවැති වර්ජනය අවසන් කිරීම පිළිබඳව ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ මේ සේවකයා විසින්. එහිදී ඔහු විසින් ප්‍රකාශ කරන ලද සෑම වචනයක් පිළිබඳවම, වෛරය පැතිරවීම සඳහා ද්වේශසහගත ලෙස, හිතාමතා ඕනෑකමින් සැලසුම් සහගත ලෙස ප්‍රකාශයක් හේතුවෙන් ඒ පිළිබඳව අපක්ෂපාතී, කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා.
රටේ ඕනෑම පුරවැසියෙකුට එරෙහිව, මිනිස් ජීවිතයක් ද අහිමි වී තිබෙන වටපිටාවක මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් සිදු කරනුයේ නම්, කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවන් මත රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතරමං වන ආකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් මගින් වෘත්තීය සමිති ත්‍රස්තවාදය ඇති කිරීමට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ පියවර ගනු ලැබුවා. එවැනි තත්වයක් තුළ ඒ වෛරය අප වෙත හැරවීමට උත්සහ කරනවා නම් රජයක් ලෙස ඊට ඉඩ දීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා මහජනතාව දැනුවත් කර යුක්තිය ඉටු විය යුතුයි.

විදේශ සංචාරයන් සඳහා ඇමතිවරයා වෙත වෙන් කරන මුදල් වලින් ඉතිරිවන මුදල් නැවත රජයට භාර දී රිසිට් පතක් ලබා ගන්නා එකම අමාත්‍යවරයා මා යැයි මා සිතනවා. නිරත වූ සෑම සංචාරයක දී මේ ඉතුරු වූ මුදල් ලක්ෂ ගණනක් මා එලෙස නැවත භාරදී තිබෙනවා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *