ඇයි අපේ ගෙවල් ගිනිතියන්න කියන්නේ?
රට බංකොලොත් වී ඇති බවට සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුවී ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
රට බංකොලොත් බව ප්‍රකාශ කළ නිසා දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තැබූ බවත් අරගලයක් ක්‍රියාත්මක වූ බවත් පසුගිය දිනවල මතයන් ප්‍රකාශය වූ බවත් ඔහු පැවසීය.
ජනතා නියෝජිතයන්ගේ නිවස ගිනි නො තබා මහ බැංකු අධිපතිගේ භාණ්ඩාගාර ලේකම්ගේ නිවාස ගිනි තියනැයිද ඔවුන් පැවසූ බවත් මොනම ආකාරයට හෝ එවන් ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.
අදාළ ප්‍රකාශය තුළින් ව්‍යවස්ථාව උල්ලංඝවය වීමක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සමඟ එම පරීක්ෂණවලට ශ්‍රී ලංකා මහබැංකුව ලෙස උපරිම සහාය දීමට සූදානම් බවත් හෙතෙම තවදුරටත් පැවසීය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සව සභාවක් අමතමින් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

