බුත්තල තවත් භූ කම්පනයක්
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබේ.
භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව ඇති බවය.
පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ ප්‍රදේශයක හටගත් මෙම භූකම්පනය පිළිබඳ මෙරට තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන හතරෙහිම සටහන්ව තිබේ.
කෙසේවුවද එමඟින් හානි සිදුවී ඇත් ද යන්න පිළිබද මෙතෙක් වාර්තා වී නොමැත.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

