ජපානයට යන්න ගුවන් යානයක හොරෙන් වාඩිවෙලා
(විමල් කීර්ති)
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කටුනායක ගුවන්තොටුපොළට රහසිගතව ඇතුලු වී ජපානය බලා ගමන් ආරම්භ කිරීමට නියමිත ගුවන් යානයක් තුළ වාඩි වී සිටියදී අත්අඩංගුවට පුද්ගලයා සම්බන්ධයෙන් වාහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා අද නියෝග කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු ලබන 6 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ වත්තල හැඳල පදිංචි ඒ.පී.සුදාගර් ඉන්ද්‍රජිත් නමැත්තෙකි.
සැකකරු කලක් ජපානයේ රැකියාව කර පසුව විවාහයක් කරගැනීම සඳහා ලංකාවට පැමිණි අයකු බවත් පසුව ජපානයට යළි යන බව බිරියට පවසා ඊයේ (30) වැනිදා නිවෙසින් පිටව ගොස් ඇතැයි මෙතෙක් සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
සැකකරුට ජපානයට යාම සඳහා කිසිදු ලේඛනයක් ඔහු අත නොතිබූ බව ද අධිකරණයේදී කියැවිණි.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

