සනත් ගෙවපු බිල නාමල්ගේ නෙමෙයි නම් කාගේද?
සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් විදුලි බිලක් ගෙවීම ගැන තමා දැන ගත්තේ සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් තමාට දුරකථනයෙන් දැනුම් දුන් පසුව බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ සනත් නිශාන්ත මහතා විසින් ගෙවන ලද විදුලි බිල්පතක් ගැන කලේ මාධ්‍යවේදීන් සිදු කරන ලද විමසීමකදිය.
තවමත් විදුලි බිලක් තමාගේ නමට ලැබී නොමැති හා තිබී නොමැති බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
සනත් නිශාන්ත අමාත්‍යවරයා විදුලි බලමණ්ඩලයට ගොස් විමසීමේදීද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නමට කිසිදු විදුලි බිල්පතක් නොමැති බවට තහවුරු වී ඇත.
නමුත් විවාහ මංගලෝත්සවයට අදාලව තිබූ බිල්පතක් සනත් නිශාන්ත මහතා විසින් ගෙවා දමා ඇති බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
සනත් නිශාන්ත අමාත්‍යවරයාද පවසා තිබුණේ ත්‍රස්තවාදය තුරන් කිරීම හා රට සංවර්ධනය කරන ලද මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවය හා කෘතගුණ පලකිරීමට මෙම බිල්පත තමන් විසින් ගෙවා දැමූ බවය.

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

