කන්චන ඇයි ගොළුවෙලා?
මෙරට ඛනිජ තෙල් බෙදා හැරීමේ ව්‍යාපාරය විදේශීය සමගම්වල අනිවාර්ය මැදිහත්වීමෙන් තරඟකාරීත්වයක් ඇතිකර ඒ තුළින් අඩු මිලට ඉන්ධන ලබාදිය හැකි බව පුන පුනා ප්‍රකාශ කළ ඛනිජ තෙල් ඇමති කන්චන විජේසේකර මේ වනවිට දැඩි ගොළු බවක් රකිමින් සිටී.
ඛනිජ තෙල් මිල ඉතිහාසයේ ඉහළම මට්ටමට ලඟා වෙමින් තිබියදී ඇමතිවරයා මේ ලෙසින් මුනිවත රකිමින් සිටී. (ඔක්. 01) රාත්‍රියේ සිට ඛනිජ තෙල් මිල ඉහල දැමීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි මහජන විරෝධයක් එල්ල වෙමින් පවතී.
ඉන්ධන ලීටර් එකක් සඳහා මිල වැඩි කර ඇත්තේ මෙසේය.
ඔක්ටේන් 92 – රුපියල් 361.00 සිට රුපියල් 365.00 දක්වා
ඔක්ටේන් 95 – රුපියල් 417.00 සිට රුපියල් 420.00 දක්වා
ඔටෝ ඩීසල් – රුපියල් 341.00 සිට රුපියල් 351.00 දක්වා
සුපර් ඩීසල් – රුපියල් 359.00 සිට රුපියල් 421.00 දක්වා
භූමිතෙල් – රුපියල් 231.00 සිට රුපියල් 242.00 දක්වා
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

