Latestදේශීය

මාලිමාවේ පෙත්සම කල්යයි

ඊයේ (02), අද (03), හෙට (04) සහ 10 යන දිනවල ශ්‍රේෂ්ඨාධිකරණයේ එකදිගට විභාග කර තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම කරුණු කිහිපයක් මත යළි කල් දමා ඇත.

ඒ, එම පෙත්සම් විභාගයේ සභාපති විනිසුරු විශ්‍රාම යාම හේතුවෙන් නව සභාපත් විනිසුරු ලෙස අගවිනිසුරු අසුන්ගැනීම, මැතිවරණ කොමිසමේ නව සභාපතිට නොතීසි නිකුත් කිරීමේ අවශ්‍යතාවය සහ මැතිවරණය කල් දැමූ සමයේ මැතිවරණ කොමිසමේ සිටි සාමාජිකාවක් වන පී.එස්.එම් චාල්ස්ට නොතීසි නිකුත් කිරීමේ අවශ්‍යතාවය යන කරුනු මතය.

ඒ අනුව පෙත්සම විභාගය නොවැම්බර 21, 22, 29, 30 සහ දෙසැම්බර් 01 යන දිනවල එකදිගට පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරන පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

ඉකුත් මාර්තු මස 09 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීම තුළින් ජනතාවගේ සර්ව ජන ඡන්ද අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ජනාධිපති නීතීඥ නයිජල් හැච්, ජ්‍යෙෂ්ඨ නීතීඥ ශාන්ත ජයවර්ධන සහ ලේඛනගත නීතීඥ ශානිකා ද සිල්වා මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

මෙම පෙත්සමෙන් නීතිපති, කැබිනට් මණ්ඩලය, මහා භාණ්ඩාගාරයේ ලේකම්, මුද්‍රණාලයාධිපතිනිය ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *