දේවාලයට පිහිටට ආ නන්දලාල්
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කතරගම දේවලයේ සංචාරයක යෙදෙමින් එහි අලුත්වැඩියා කටයුතු සඳහා ආධාර ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවට මාධ්‍ය වාර්තාවල පළවේ.
බාරහාර සිදු කිරීම සඳහා පෞද්ගලික වන්දනා ගමනක් ගිය ආචාර්ය නන්දලාල් වීරසිංහ එම දේවාලයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් මහ බැංකුවේ මුදල් යොදවන බව පොරොන්දු වී ඇතැයි එම මාධ්‍ය වාර්තාවලින් තහවුරු වී තිබේ. ආණ්ඩුවේ දේශපාලඥයින් මහජන මුදල් අත්තනෝමතික ලෙස පරිහරණය කරන ආකාරයෙන්ම මහ බැංකු අධිපතිවරයා ද කටයුතු කිරීම ආරම්භ කර ඇති බව මෙයින් පැහැදිලි වේ.

කතරගම දේවාලයට අති විශාල ධනයක් රන් ආභරණ මෙන්ම වෙනතා වටිනා දේපළවලින් වාර්ෂිකව ලබන ආදායම් සඳහා කිසිදු බදු මුදලක් රජය විසින් අය නොකරන තත්වයක් යටතේ මහ බැංකුව සතුව තිබෙන මහජන මුදල් මේ ලෙස යෙදවීමට අධිපතිවරයා සූදානම් වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

