Latestවිදේශීය

ඉන්දීය කැනඩා සීතල ගැටුම උග්‍ර වෙයි

ඉන්දියාවට අනුයුක්ත කර ඇති කැනඩා තානාපති නිලධාරීන් 41 දෙනා නැවත කැනඩාවට ගෙන්වා ගන්නා ලෙසත් එම තානාපති නිලධාරීන් 41 දෙනාගෙන් යමෙක් ඔක්තෝබර් 10 වනදායින් පසුව ඉන්දියාවේ රැඳී සිටියහොත් ඔවුන්ගේ තානාපති වරප්‍රසාද අහිමි කරන බවත් ඉන්දීය බලධාරීන් කැනඩාවට දැනුම්දී තිබේ.

ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ අදාළ තානාපති නිලධාරීන්ව ඔක්තෝබර් 10 වනදා වනවිට නැවත කැඳවා ගන්නා ලෙස දැනුම්දී ඇති බවයි.

කැනඩාවේ ජීවත් වූ සික් බෙදුම්වාදී නායකයෙක් ලෙස සැලකෙන හර්දීප් සිං නජ්ජාර් නම් පූජකයා පසුගිය ජූනි මාසයේදී කැනඩාවේදී ඝාතනය කර තිබූ අතර ඊට ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ බවට කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ චෝදනා කළේය.

ඉන්දියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කළ නමුත් එය පිළි නොගන්නා කැනඩා අගමැති සඳහන් කරන්නේ ඉන්දීය බුද්ධි අංශ විසින් මෙම ඝාතනය සිදු කළ බවට වන සියළුම තොරතුරු ඇති බවය.

දෙරට අතර එම මත ගැටුම මේ වනවිට උත්සන්න වෙමින් පවතී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *