ETF/EPF මුදල් විදෙස් රටවල ආයෝජනයට
සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් තුළ ඇති මුදල් විදෙස් රටවල ආයෝජනය කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී යෝජනා කර සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
“ETF සහ EPF දෙකම එකතු කරලා…ස්වාධීන මණ්ඩලයක් යටතේ කටයුතු කරන්න බලාපොරොත්තු වනවා. අපිට ETF සහ EPF දෙකම අවශ්‍යයි. අනෙකුත් ස්වාධීන අරමුදල් ද ඊට ඇතුළත් වෙන්න අවශ්‍ය ද කියන එක තමයි ගැටලුව. අනෙක් කරුණ තමයි අපි ඔවුන්ගේ මුදල් අනුමත කරන්න ඕනේ ද කියන එක.”
“දැනට අපි ලබාදෙන්නේ රජයට විතරයි. ඉන් කොටසක් විදෙස් රටවල ආයෝජනය කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ. මම හිතන්නේ අපි එය කළ යුතුයි. මේ රටේ ජනතාවගේ ඉතුරු කිරීම්. ඒ නිසා එම මුදල් විදෙස් රටවල ආයෝජන කරන්න අවස්ථාව දෙන්න පුළුවන්.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
