ගාල්ල සහ මාතර පාසල් නිවාඩූ
මේ දිනවල පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර ඇත.
දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් සංවර්ධන, මහා මාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම්වරයා විසිනි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා තිබේ.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇත.
ඒ අනුව ඔක්තෝබර් මස 9 වන සඳුදා දින හා 10 වන අඟහරුවාදා දින එම දිස්ත්‍රික්කවල සියලූම පාසල් වසා තැබීමට මෙලෙස තීරණය කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

