Latestදේශීය

ජැක්සන් ඇන්තනි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.

අනුරාධපුරයේ දී රිය අනතුරකට ලක්වු ඔහු කොළඹ ජාතික රෝහලේදී දැඩි සත්කාර ඒකකයේ මාස 14ක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියේය.

අනුරාධපුර ප්‍රදේශයේ සිට ආපසු පැමිණෙමින් සිටියදී ඔහු ගමන් ගත් වාහනයේ අලියෙකු ගැටීමෙන් අනතුර සිදු වූ අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබීය.

මිය යන විට ඒ මහතා වයස අවුරුදු 65 ක් විය.

ඉතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජැක්සන් ඇන්තනි මහතා ඇගිලි සොලවීම, ඇසි පිය ගැසීම වැනි දේ හරහා හැඟීම් ප්‍රකාශ කළ බව ඔහුගේ පවුලේ ඥාතීන් මෑතකදී මාධ්‍ය වෙත පැවසූහ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *