Latestදේශීය

පුද්ගලයින් 75000ක් ආපදාවෙන් පීඩාවට

(නාගොඩ සුමන උදයන්ත)

පැවති අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් අද (09) පෙරවරු 06.00 වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 13 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 82 අයත් පවුල් 20480 පුද්ගලයින් 75734 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පූර්ණ නිවාස හානි 13 සහ අර්ධ නිවාස හානි 1125 ක් වාර්තා වෙයි.

මේවන විට ආරක්ෂිත ස්ථාන 20 පවුල් 1071 අයත් පුද්ගලයන් 3870 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වල රදවා සිටින බව එම මධ්‍යස්ථානය පවසයි.

ගංවතුර ,නාය යෑම් සහ සුළි සුළං හේතුවෙන් ආපදාවන් සිදුව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *