දකුණේ ප්‍රචන්ඩ ක්‍රියා පිටුපස සිටියේ ගෝඨාභය – සරත් ෆොන්සේකා
දකුණේ සිදු වූ ඇතැම් ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙහෙය වූ කණ්ඩායමක් බව හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් පොදුවේ හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ට චෝදනා නො කළ යුතු බවය.
තමන් යුධ හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින අවධියේ දී කොළඹ සිදු කළ ඇතැම් මෙහෙයුම් සඳහා සෘජුව ම අණ ලබා දුන්නේ තමන් නොව එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඒ පිළිබඳ තමන් කිසිදු අවස්ථාවක ඔහුගෙන් ප්‍රශ්න නො කළ බවත් ඔහු මෙම සාකච්ඡාවේ දී සඳහන් කර ඇත.
අදාළ කණ්ඩායමට වත්මන් රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ද ඇතුළත් වූ බව ද ෆොන්සේකා මහතා හෙලි කරයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

