ඩෙංගු රෝගීන් ඉහල යෑමේ අවදානමක්
පැවති වැසි තත්ත්වය හේතුවෙන් නැවතත් ඩෙංගු රෝගින් ඉහල යෑමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ හේතුවෙන් මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කිරීම සියලු දෙනාගේම වගකීම බව ප්‍රජා වෛද්‍ය නිළධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ පවසයි.
තවද මෙම වසරේ ගෙවුණු කාලය තුල ඇතැම් සතිවල සතියකට ඩෙංගු රෝගින් 2700 ක් පමණ වාර්තා වු බවත් පසුව සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 600 ක් දක්වා අඩුවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ මේ හේතුවෙන් මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කිරීමට ජනතාව දක්වන සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

